Loading...

පෙබරවාරි මසදීත් මෙරටට වාර්තාගත සංචාරක පැමිණීමක්

පෙබරවාරි මස තුළදී මෙරටට පැමිණි සංචාරකයින් ගණන 279328ක් බවට තොරතුරු වාර්තා වනවා.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරි පවසන්නේ පසුගිය වසරේ පෙබරවාරි මසදී පැමිණි ගණනට සාපේක්ෂව 16.2%ක වැඩිවීමකි.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් නිකුත් කරන ලද අලුත් දත්ත වාර්තාවට අනුව පෙබරවාරි මසදී ඉන්දියාවෙන් සංචාරකයින් 47679ක් පැමිණ ඇති බව සඳහන්.

එය 17%ක වැඩි වීමකි.

එක්සත් රාජධානියෙන් 30788ක්, රුසියාවෙන් 23099ක්, ජර්මන් 22566ක්, චීනයෙන් 20180ක් සහ ප්‍රංශ ජාතිකයින් 17174ක් පෙබරවාරි මසදී මෙරටට පැමිණ තිබෙනවා.

මේ අනුව 2026 වසරේ ජනවාරි 01 වනදා සිට පෙබරවාරි 28 දක්වා සංචාරක පැමිණීම් ගණන 556655කි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *