උතුරු ඊශ්රායලයට අද (02) එල්ල වූ ප්රහාරයක් අතරතුර ශ්රී ලංකික සාත්තු සේවිකාවක් සුළු තුවාල ලබා ඇති බව වාර්තා වනවා.
එරට ශ්රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පවසන්නේ කඩවත ප්රදේශයේ 43 හැවිරිදි කාන්තාවක් මෙලෙස තුවාල ලබා ඇති බවයි.
කෙසේ වෙතත් එම කාන්තාව රෝහල් ගතකර තත්ත්වය බරපතළ නොවන බැවින් වෛද්යවරු විසින් නැවත ඇය පදිංචි ස්ථානය වෙත යොමු කළ බවද නිමල් බණ්ඩාර මහතා සඳහන් කරනවා.
එම නිවසට ප්රහාරවලින් හානි සිදුව ඇති බැවින් ඇය වෙනත් ස්ථානයකට පදිංචිය සඳහා ගොස් ඇති බව වාර්තා වනවා.
අමෙරිකාව සහ ඊශ්රායලය එක්ව ඉරානයට එල්ල කළ ප්රහාරයෙන් පසු මේ වන විට මැදපෙරදිග යුද ගැටුම් උග්ර වී අද (02)ට දින තුනක් ගතවී තිබෙනවා.
එරට ශ්රී ලංකා තානාපතිවරයා පවසන්නේ ඊශ්රායලයෙන් ඉරානයේ තෝරාගත් ස්ථාන ගණනාවකට සහ ලෙබනනයේ දකුණු කලාපයේ හිස්බුල්ලා ඉලක්ක වෙත ප්රහාර දියත් කරමින් ඇති බවයි.
හිස්බුල්ලා සංවිධානය විසින් උතුරු ඊශ්රායලයේ හයිපා ප්රදේශ ඉලක්ක කරමින් එල්ල කරන ලද මිසයිල දෙකක් එල්ල කර ඇති බවද වාර්තා වනවා.








Leave a Reply