Loading...

කිසිඳු බියක් ඇති කරගන්න එපා – ඉන්ධන හිඟයක් නැහැ – IOC

මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති යුදමය වාතාවරණය හමුවේ මෙරට තුළ ඉන්ධන හිඟයක් ඇති විය හැකි බවට කිසිඳු බියක් ඇති නොකර ගන්නා ලෙස ලංකා IOC සමාගම නිල නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම සමාගම පවසන්නේ දිවයින පුරා පිහිටි සියලුම සැපයුම් මධ්‍යස්ථානවල ප්‍රමාණවත් තරම් පෙට්‍රල් සහ ඩීසල් තොග පවතින බවයි.

දැනට පවතින පෙට්‍රල් තොග තවත් දින 34ක් සඳහා ප්‍රමාණවත් බව සඳහන් වනවා.

තවද පවතින ඩීසල් තොග ඉදිරි දින 26ක් සඳහා ප්‍රමාණවත් බවද එම සමාගම පවසනවා.

මේ හේතුවෙන් ඉන්ධන හිඟයක් ඇතිවේ යැයි බියක් අනවශ්‍ය ලෙස ඉන්ධන රැස් කිරීමෙන් වැළකී සාමාන්‍ය පරිදි ඉන්ධන ලබාගන්නා ලෙස එම සමාගම පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටිනවා.

මේ අතර Sinopec සමාගම ද පවසන්නේ ඉන්ධන පිරවුම්හල්වල ද ප්‍රමාණවත් ඉන්ධන තොග සහ ස්ථාවර සැපයුමක් පවතින බවද එම සමාගම දැනුම් දී තිබෙනවා. සැපයුම අඛණ්ඩව සිදුකරන බවත් දැනුම් ද ඇත.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *