Loading...

අයතුල්ලාගේ තැන ලබාගත් කෙනා මෙන්න

ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අල් කමේනිගේ ඝාතනයෙන් පසු එම ධූරයේ වගකීම සඳහා නව නායකයෙක් පතක්ර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ නව කවුන්සිලයේ ප්‍රධානියා ලෙස ෂියා මූලධර්මවාදී නායක අලිරේසා අරාෆි පත්ව ඇති බවයි.

අදාළ කවුන්සිලයේ අනෙක් සාමාජිකයින් අතර ඉරාන ජනාධිපති පෙෂෙස්කියන් ද සිටින බව සඳහන්.

අමෙරිකාව සහ ඊශ්‍රායලය ඒකාබද්ධව සිදුකළ ප්‍රහාරවලින් ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි පසුගිය 28 වනදා ජීවිතක්ෂයට පත් වුණා.

ටෙහෙරාන් හි පිහිටි ඔහුගේ කාර්යාලය වෙත එල්ල වූ ප්‍රහාරයකින් කමේනි මියගොස් ඇති බව සඳහන්.

අනතුරුව ඔහුගේ නිසල දේහය එහි සුන්බුන් අතර තිබියදී එරට ආරක්ෂක අංශ සොයාගෙන තිබෙනවා.

ඔහුගේ අභාවය සමඟ ඉරානය දින 40ක ශෝක කාලයක් ද ප්‍රකාශයට පත් කිරීමට තීරණය කළා.

1989 වසරේ සිට දශක තුනකට වැඩි කාලයක් ඉරානය පාලනය කළ කමේනි මියයන විට 86 වන වියේ පසු වුණා.

එරට උත්තරීතර පාලකයා මෙන්ම රාජ්‍යයේ ප්‍රධානියා ලෙසත් ඉරාන විප්ලවීය හමුදාව ද ඇතුළු සියලු හමුදාවේ ප්‍රධානියා ලෙසද කමේනි කටයුතු කළා.

1979 වසරේ දී එවක අමෙරිකානු ගැති වාදී ෂාහ් රජුගේ පාලනය පෙරළා දමා රුහුල්ලා කමේනි ඉරානයේ බලය ලබාගත් අතර කමේනි බලයට පත්වුයේ ඔහුගෙන් පසුවයි.

ඔවුන් යටතේ ඉරානය පාලනය වූයේ දැඩි ඉස්ලාම් මූලධර්මවාදී මතවලට යටත්වයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *