Loading...

මැදපෙරදිග කලාපයේ ගුවන් ගමන් සීමා ගැන තීන්දුවක් ගනී

මැදපෙරදිග කලාපයේ පවතින ගුවන් සීමාවන් අඛණ්ඩව වසා තැබීම හේතුවෙන් අද (01) දිනට අදාළව ගුවන් ගමන් අවලංගු කිරීමට ශ්‍රී ලංකන් ගුවන් සමාගම පවසනවා.

එම සමාගම සඳහන් කරන්නේ UL231 කොළඹ – ඩුබායි, UL232 ඩුබායි – කොළඹ, UL225 කොළඹ – ඩුබායි, UL226 ඩුබායි – කොළඹ, UL217 කොළඹ – දෝහා, UL218 දෝහා – කොළඹ, UL253 කොළඹ – දම්මාම්, UL254 දම්මාම් – කොළඹ, UL265 කොළඹ – රියාද්, UL266 රියාද් – කොළඹ, UL229 කොළඹ – කුවේට් සහ UL230 කුවේට් – කොළඹ යන ගුවන් ගමන් අවලංගු කර ඇති බවයි.

මේ අතර මැදපෙරදිග පවතින යුදමය තත්ත්වය හමුවේ මෙරටින් පිටත්වන සහ මෙරටට පැමිණෙන ගුවන් ගමන් 54ක් අවලංගු කර තිබෙනවා.

මෙරටට පැමිණීමට නියමිතව තිබූ ගුවන් ගමන් 28ක් අවලංගු කර ඇති බව වාර්තා වනවා.

ගුවන් සේවා අධිකාරිය සඳහන් කරන්නේ මෙරටින් පිටත්ව යාමට සැලසුම් කර තිබූ ගමන් වාර 26ක් අවලංගු කිරීමට කටයුතු කර ඇති බවයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *