Loading...

ඉරානයේ පාලන බලය තාවකාලික මණ්ඩලයකට

ඉරානයේ උත්තරීතර නායකත්වය අයත් සියලු රාජ්‍ය වගකීම සහ මෙහෙයවීම් තාවකාලිකව ක්‍රියාත්මක කිරීම සඳහා තිදෙනෙකුගෙන් යුත් පාලක මණ්ඩලයක් පත්කර තිබෙනවා.

ඉරාන රජය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ රට තුළ පවතින උග්‍ර යුදමය තත්ත්වය සහ ආරක්ෂක අර්බුදය හමුවේ පාලන තන්ත්‍රය අස්ථාවර වීම වැළැක්වීම මෙහි අරමුණ බවයි.

මෙම මණ්ඩලය සඳහා වත්මන් ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් (Masoud Pezeshkian): අධිකරණ ප්‍රධානියා (Chief of the Judiciary): හා ඉරාන අධිකරණ පද්ධතියේ ඉහළම නිලධාරියා (Jurist of the Guardian Council) අයත් වනවා.

එරට සියලු තීරණාත්මක බලතල උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි සතුව පවතිනවා.

මෙම මණ්ඩලය විසින් යුද මෙහෙයුම් විදේශ ප්‍රතිපත්ති සහ රටේ අභ්‍යන්තර ආරක්ෂාව පිළිබඳව සියලුම තීරණ ගනු ඇති.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *