මැදපෙරදිග බලා යන ගුවන් ගමන් අවලංගු කිරීම සමඟ මෙරටින් පිටවීමට නොහැකි විදේශිකයින්ගේ වීසා කාලය දීර්ඝ කිරීමට පියවර ගෙන තිබෙනවා.
ආගමන හා විගමන පාලක ජනරාල්වරයා සඳහන් කරන්නේ මේ අනුව එම කාලය දින 7කින් දීර්ඝ කරන බවයි.
ඒ සඳහා ගාස්තු අය නොකරන බවද වාර්තා වනවා.
මැදපෙරදිග යුදමය තත්ත්වය හේතුවෙන් එම ගුවන් කලාපය හරහා සිදු කෙරෙන සියලු ගුවන් ගමන් නතර කිරීමට අද (28) පියවර ගැනුණා.
මේ හේතුවෙන් ශ්රී ලංකාවෙන් පිටවීමට නොහැකි වන මඟීන් දුෂ්කරතාවන්ට මුහුණ දීමට දෙනු ඇති.
එය සැලකිල්ලට ගනිමින් මෙම වීසා දිගුවල ලබාදීමට තීරණය කළ බවද ආගමන හා විගමන පාලක ජනරාල්වරයා සඳහන් කරනවා.
මේ හේතුවෙන් ඔවුන්ගේ පිටත්වීමේ කටයුතු සිදුකරන තුරු ඔවුන්ට අපහසුතාවයකින් තොරව රට තුළ රැඳී සිටීමට ඉඩ සලසා දීමට තීරණය ගෙන තිබෙනවා.








Leave a Reply