මැදපෙරදිග ඇතිව තිබෙන යුදමය තත්ත්වයෙන් කිසිඳු ශ්රී ලාංකිකයෙකුට අනතුරක් සිදුව නොමැති බව වාර්තා වනවා.
විදේශ කටයුතු අමාත්යාංශය පවසන්නේ එම රටවල තානාපති කාර්යාලය හරහා ශ්රී ලාංකිකයින් අනුගමනය කළ යුතු විශේෂ මාර්ගෝපදේශ මාලාවක් ලබාදී ඇති බවයි.
එම මාර්ගෝපදේශ අනුව කටයුතු කරන ලෙස එම අමාත්යාංශ අදාළ තානාපති කාර්යාලවලින් ඉල්ලා සිටිනවා.
බහරේන් හි ශ්රී ලාංකිකයින් පිරිසක් සිටි නගරයකට ප්රහාරයක් එල්ල කළ. ද ඉන් කිසිවෙකුට අනතුරක් සිදුව නොමැති බව වාර්තා වනවා.
මේ අතර මැදපෙරදිග සිටින ඥාතීන් ගැන තොරතුරු දැන ගැනීමට ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් විශේෂ දුරකතන අංකයක් හඳුන්වා දී තිබෙනවා.
WhatsApp/Imo +94 71 980 2822
Hot line 1989








Leave a Reply