මැදපෙරදිග කලාපය ආශ්රිත ගුවන් කලාප වසා දැමීම සමඟ ශ්රී ලන්කන් ගුවන් සේවයට අයත් ගුවන් යානාවල ගුවන් ගමන් ප්රමාද විය හැකි බව ශ්රී ලංකන් ගුවන් සමාගම පවසනවා.
එම සමාගම පෙන්වා දෙන්නේ පවතින තත්ත්වය මත ගුවන් යානාවල ගමන් මාර්ගයන් හි වෙනසක් සිදුකර ඇති බවයි.
ඉරානය සහ ඊශ්රායලය අතර උද්ගතවී ඇති ගැටුම්කාරී වාතාවරණය සමඟ මේ වන විට එක්සත් අරාබි එමීර් රාජ්යය, කටාර්, බහරේන් ඇතුළු රටවල් කිහිපයක්ම ගුවන් ගමන් කලාප තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන ඇති බව සඳහන්.
මේ අතර පවතින යුදමය තත්ත්වය සමඟ මැදපෙරදිග සියලුම ගුවන් ගමන් අත්හිටුවීමට එයාර් ඉන්දියා සමාගම තීරණය කර තිබෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් එයාර් ඉන්දියා සමාගම සඳහන් කරන්නේ මගීන්ගේ සහ කාර්ය මණ්ඩල ආරක්ෂාව පවත්වා ගැනීමට මෙම පියවර ගත් බවයි.








Leave a Reply