Loading...

දිට්වා ආපදාවෙන් මියගිය නෙළුම්මල වැසියන් වෙනුවෙන් පැවති තෙමස් පූර්ණ පිංකමට ජනපතිත් සහභාගී වෙයි

දිට්වා ආපදාවෙන් මියගිය පුද්ගලයින් සිහි කරමින් නෙළුම්මල ගම්මානයේ අද (27) පැවැති පුර්ණ දානමය පිංකමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහභාගී වුණා.

පමුණුපුර, බටමුල්ල කනිෂ්ඨ විද්‍යාලයේදී මෙම පිංකම පැවැත්වුණා.

මහනුවර මිනිපේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි නෙළුම්මල ගම්මානයේ කිලෝමීටර් 5කට අධික ප්‍රදේශයක දිට්වා ආපදාවෙන් නාය යෑමට ලක්විය.

මේ හේතුවෙන් එම ගම්මානයේ පවුල් 13කට අයත් පුද්ගලයින් 31 දෙනෙකුගේ ජීවිත අහිමි වුණා.

ඒ අනුව ඔවුන් ඇතුළුව ආපදා තත්ත්වයෙන් මියගිය සියලු දෙනා සිහි කරමින් මහා සංඝරත්නය 70 නමක් විෂයෙහි මෙම දානමය පුණ්‍ය කර්මය සිදු කෙරුණා.

මීට සමාගමීව ඊයේ (26) පස්වරුවේ බෝධි පූජා පිංකමක් සහ පිරිත් දේශනයක් ද සංවිධානය කර තිබුණා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *