ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම මුහුණ දී ඇති පසුබෑම හමුවේ ක්රීඩකයින් මෙන්ම ප්රේක්ෂකයින්ද දැඩිව කණගාටුව පත්ව ඇති බව ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාර මහතා පවසනවා.
නවසීලන්තය සමඟ ඊයේ (25) පැවැති තීරණාත්මක තරඟය පරාජය වීම සමඟ ලංකාවේ ක්රිකට් ක්රීඩාවේ වෙනසක අවශ්යතාවය පෙන්නුම් කරන බව සිය X ගිණුමේ සටහනක් තබමින් ඔහු සඳහන් කරනවා.
ඒ මහතා කියා සිටින්නේ වත්මන් කණ්ඩායම තුළ පවතින අර්බුදය පරාජයක් පමණක් නොවන බවත් එය සමස්ථ පද්ධතියේම පවතින දුර්වලතාවයක් බවත්ය.
පරාජය හමුවේ ක්රීඩකයින් ද දැඩි ලෙස පීඩාවට පත්ව ඇති නමුත් රටක් නියෝජනය කිරීමේ දී ලැබෙන ගෞරවය සමඟ වගකීමද නිසි අයුරින් දැරීමට ඔවුන් සුදානම් විය යුතු බවද කුමාර් සංගක්කාර පවසනවා.
ඔහු පෙන්වා දෙන්නේ අනෙක් ක්රිකට් කණ්ඩායම, උපක්රම සහ තාක්ෂණය අතින් වේගයෙන් ඉදිරියට ගමන් කරමින් සිටින මොහොතක ශ්රී ලංකා කණ්ඩායම තවමත් පැරණි ක්රමවේදයේ එල්ලී සිටීම පරාජයට ප්රධාන හේතුවක් බවයි.
මේ අනුව කාලෝචිත ලෙස වෙනස් නොවනවා නම් ජාත්යන්තර ක්රිකට් පිටිය තුළ ශ්රී ලංකාවට පවතින පිළිගැනීම සහ අදාලත්වය ගිලිහී යාමේ බරපතළ අවදානමක් ඇති බව සංගක්කාර පවසනවා.
X සටහනෙන් කුමාර් සංගක්කාර මහතා වැඩිදුරටත් සඳහන් කරන්නේ ක්රිකට් පරිපාලනයේ සිට ක්රීඩා පිටිය දක්වා සෑම අංශයකම ගමන් මගේ නිවැරදි කිරීමක් වහාම සිදු කළ යුතු බවයි.








Leave a Reply