Loading...

පොඩි ලැසී මෙරටට රැගෙන එන්න CID නිලධාරීන් දිවයිනෙන් පිටත් වෙයි

ඉන්දියාවේ දී අත්අඩංගුවට ගත් පොඩි ලැසී මෙරටට රැගෙන ඒම සඳහා CID නිලධාරීන් පිටත්ව ගොස් ඇති බවට වාර්තා කරනවා.

ඉන්දියාවේ මුම්බායි හිදී පාතාල කල්ලි සාමාජිකයෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස හැඳින්වෙන පොඩි ලැසී පසුගිය වසරේ ජනවාරි 16 වනදා අත්අඩංගුවට ගනු ලැබුවා.

පොඩි ලැසී ඇප මත මුදා හැරීමෙන් පසු අතිසුබෝභෝගී රථ පෙරහැරකින් කොළඹ ප්‍රදේශයට ගොස් තිබුණා.

පසුව ඔහු ඉන්දියාවේ මුම්බායි හිදී 2025 වසරේ ජනවාරි මසදී අත්අඩංගුවට ගැනුණා.

ඊයේ (25) දිනයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙදෙනෙකු ඉන්දියාවට ගොස් ඇති අතර ඔහු හෙට (27) අලුයම දිවයිනට රැගෙන ඒමට නියමිතව තිබෙනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *