අමෙරිකාවට අපනයනය කරන භාණ්ඩ මත පනවන ගෝලීය තීරුබදු ප්‍රතිශතය ඊයේ (24) සිට 10%ක් දක්වා පහත දමා තිබෙනවා.
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය වසරේ හඳුන්වාදුන් ගෝලීය අන්‍යෝන්‍ය තීරුබදු ප්‍රතිශතය නීති විරෝධී බවට අමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කිරීම හේතුවෙන් එරට තීරු බදු ප්‍රතිශත මෙලෙස වෙනස් වීමකට ලක්වුණා.
අමෙරිකානු ජාතියේ නිදහස ලැබීමේ දිනය ලෙස නම් කරමින් ගෝලීය අන්‍යෝන්‍ය තීරුබදු හඳුන්වා දීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය වසරේ අප්‍රේල් මසදී කටයුතු කළා.
කෙසේ වෙතත් අමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය පසුගියදා තීන්දු කළේ එම තීරුබදු හඳුන්වා දීමේදී ජනාධිපතිවරයා සිය බලතල ඉක්මවා කටයුතු කර ඇති බව පවසමින් එම බදු නීති විරෝධී බවයි.
තීන්දුව ලබාදී පැය 3කින් පසු ජාතිය ඇමතූ ජනාධිපතිවරයා වහාම ක්‍රියාත්මක වන පරිදි 10%ක ගෝලීය තීරු බද්දක් පනවන බව පැවසුවා.
ඉන්පසුව අදාළ තීරු බද්ද 15%ක් දක්වා ඉහළ නැංවීමට ද ජනාධිපතිවරයා තීරණය කළා.
ට්‍රම්ප් ජාතිය අමතමින් කියා සිටියේ තීරු බදු සම්බන්ධ ගිවිසුම්වලට පැමිණීම මඟ හැරීමට උත්සාහ කරන රටවල් සම්බන්ධව දැඩි තීන්දු ගන්නා බවයි.
කෙසේ නමුත් ප්‍රකාශිත නිල ලේඛනවලට අනුව ඊයේ (25) සිට ක්‍රියාත්මක වන්නේ 10%ක තීරු බද්දක් පමණි.
1974 වෙළෙඳ පනතේ 122 වැනි වගන්තිය ප්‍රකාරව කොංග්‍රස අනුමැතියකින් තොරව දින 150ක කාලයකට බදු පැනවීමට ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල භාවිතා කරමින්.








Leave a Reply