Loading...

Temporary තියෙන අයට ස්ථිර රියදුරු බලපත්‍ර – මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව

තාවකාලික රියදුරු බලපත්‍ර ලබාදී ඇති රියදුරන් සඳහා ස්ථිර රියදුරු බලපත්‍ර ලක්ෂ 4ක ප්‍රමාණයක් මේ වන විට නිකුත් කර තිබෙනවා.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසන්නේ ස්ථිර රියදුරු බලපත්‍ර කාඩ්පත් නොමැති වීම හේතුවෙන් පසුගිය කාලය තුළ රියදුරු පරීක්ෂණ සමත් වූ රියදුරන්ට හට තාවකාලික රියදුරු බලපත්‍ර නිකුත් කර තිබූ බවයි.

මෙලෙස තාවකාලික රියදුරු බලපත්‍ර ලබාගත් රියදුරන්ට හට මෙසේ ස්ථිර රියදුරු බලපත්‍ර නිකුත් කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ මහතා පවසනවා.

ඔහු සඳහන් කරන්නේ තවත් ස්ථිර රියදුරු බලපත්‍ර ලක්ෂයක් මුද්‍රණය කර ඇති බවත් ඉදිරි දිනවලදී එම බලපත්‍ර ද තාවකාලික රියදුරු බලපත් ලබාගත් රියදුරන් වෙත යොමු කිරීමට පියවර ගන්නා බවත්ය.

තවද කාඩ්පත් ලක්ෂ 10ක් ආනයනය කිරීම සඳහා වූ ප්‍රසම්පාදන කටයුතු මේ වන විට අවසන්ව ඇති අතර ඉදිරියේ දී ඒවා ආනයනය කිරීමට පියවර ගන්නා බවද මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා මෙහිදී වැඩිදුරටත් පැවසුවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *