Loading...

කිරින්දේ කුඩු අල්ලන්න තොරතුරු දුන් උපාය දූතයා ඝාතනය කිරීමේ තැතක් අනාවරණය වෙයි

කිරින්ද අඳගලවැල්ල මුහුදු ප්‍රදේශයේදී රුපියල් කෝටි 400කට ආසන්න වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් 7 දෙනෙකු අත්අඩංගුවට ගැනීමේ සිද්ධියේ උපාය දූතයා ලෙස පොලීසිය යොදාගත් පුද්ගලයා වෙඩි තබා ඝාතනය කිරීමේ සැලසුමක් අනාවරණය වී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් තොරතුරු හෙළිව ඇත්තේ එම ඝාතන සැලැස්මට යොදා ගැනීමට සිටි වෙඩික්කරු රත්නපුර ප්‍රදේශයේ දී බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසුවයි.

පසුගිය වසරේ නොවැම්බර් 12 වනදා මෙම වැටලීම එම කොට්ඨසය භාර සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගලට ලද තොරතුරකට අනුව සිදුකර තිබුණා.

අදාළ වැටලීම් සඳහා එම පොලිස් කොට්ඨාසයේ කොස්තාපල්වරයෙකුගේ ඥාතියෙකු උපාය දූතයෙකු ලෙස යොදා ගැනුණු අතර වැටලීමේ දී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 329ක් සහ ඒවා ප්‍රවාහනයට පැමිණ තිබූ රථ 6ක් ද පොලිස් භාරයට තිබුණා.

අත්අඩංගුවට ගත් වෙඩික්කරු ප්‍රකාශ කර ඇත්තේ මෙම උපාය දූතයා පිළිබඳව තොරතුරු අනාවරණය වීමත් සමඟ මත්කුඩු තොගය අයත් බව පැවසෙන දැනට ඩුබායි රාජ්‍යයේ රැඳී සිටින හිටපු යුද හමුදා සෙබෙලෙකු වන අංගොඩ ප්‍රියංකර සහ රූබන් නම් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් උපාය දූතයා ඝාතනය කිරීමට සැලසුම් කර තිබූ බවයි.

මෙම වැටලීමෙන් අනතුරුව බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ලින්ටන් සිල්වාට ද මරණ තර්ජන එල්ල වී ඇති බව වාර්තා වනවා.

පොලිස් ජීප් රථයකට සමාන රථයකින් වැටලීමට එක්වූ උපාය දූතයාගේ නිවසට ගොස් ඔහුව පැහැර ගන්නා ලෙස අංගොඩ ප්‍රියංකර නම් පුද්ගලයෙකු උපදෙස් ලබාදී තිබූ බවද අත්අඩංගුවට ගත් සැකකරු පොලීසියට ප්‍රකාශ කර තිබෙනවා.

උපාය දූතයා ඝාතනය කිරීමෙන් පසුව ඔහුගේ ගෙල කපා සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගලගේ නිවසේ ගේට්ටුවෙහි එල්ලීමට සැලසුම් කර තිබූ බව අත්අඩංගුවට පත්වූ වෙඩික්කරු පොලීසිය හමුවේ සඳහන් කර ඇත.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *