Loading...

වැලිගම W15 හෝටලය අසල වෙඩිතැබීමේ සිද්ධියට හිටපු පොලිස් පරීක්ෂකවරයෙක් ලංකාවට එද්දී අල්ලයි

2023 වසරේ දී වැලිගම W15 හෝටලය අසල වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධව අවශ්‍යව සිටි හිටපු පොලිස් පරීක්ෂක ජගත් නිශාන්ත අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ එම සිද්ධියෙන් අනතුරුව ඔහු විදේශගතව සිට නැවත ඊයේ (23) දිනයේ දී දිවයිනට පැමිණි අවස්ථාවේදීයි.

2023 වසරේ දෙසැම්බර් 31 වනදා වැලිගම පැලෑන ප්‍රදේශයේ හෝටලයක් අසල සිදුවූ වෙඩි හුවමාරුවකින් කොළඹ අපරාධ කොට්ඨාසයට අනුයුක්තව සිටි පොලිස් සාජන්වරයෙකුට දිවි අහිමි වූණා.

සිද්ධිය අතරවාරයේ දී තවත් පුද්ගලයෙකු තුවාල ලැබුවා.

වැටලීමක් අතරවාරයේ වෙඩි තැබීමක් සිදුව තිබූ අතර පසුව වෙඩි තැබීම සිදුකළ වෑන් රථය පසුපස වැලිගම පොලීසිය හඹා ගොස් ප්‍රති ප්‍රහාර එල්ල කළ බව එවක මාධ්‍ය වාර්තා කර තිබුණා.

අදාළ වෙඩි තැබීම සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු සහකාර පොලිස් අධිකාරී නෙවිල් සිල්වා මාතර මහේස්ත්‍රාත් අධිකරණයට භාර වුණා.

එම සිද්ධියට එවක පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු සැකකරුවන් 8 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මාතර මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබුණා.

එම සිදුවීම සම්බන්ධයෙන් හිටපු පොලිස්පතිවරයාට සෘජුවම චෝදනා එල්ල වූ අතර පසුව ඔහුව වැඩ තහනමට ලක් වුණා.

මේ අනුව වැඩ තහනමට ලක්වුණු එවක පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සිය ධූරයේ බලය අනිසි ලෙස යොදා ගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ සභාපතිත්වයෙන් යුත් ත්‍රිපුද්ගල කමිටුව පත්කරනු ලැබුවා.

පසුව අදාළ කමිටු වාර්තාව මඟින් හිටපු පොලිස්පතිවරයාට එරෙහිව චෝදනාවලට ඒකමතිකව වැරදිකරු කර ලෙස නම් කරනු ලැබුවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *