Loading...

එල් මෙන්වෝගේ මරණයෙන් පසු මෙක්සිකෝව ගිනි ගනී

මෙක්සිකෝවේ ප්‍රබලතම මත්ද්‍රව්‍ය ජාවාරම්කරු ලෙස සැලකෙන එල් මෙන්වෝගේ මරණය සමඟ එරට තුළ නොසන්සුන්කාරී වාතාවරණයක් හටගෙන තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙක්සිකෝවට මෙන්ම අමෙරිකාවට ද තර්ජනයක් වූ ජාලිස්කෝ නම් මත්ද්‍රව්‍ය හා අපරාධ සංවිධානයේ ප්‍රධානියා ඔහුගේ මරණයෙන් අනතුරුව කලහකාරී ලෙස හැසිරෙන ඔහුගේ ආධාරකරුවන් එරට නගර රැසක මාර්ග අවහිර කර රථවාහන ගිනි තබමින් දේපළ හානි සිදු කර ඇති බවයි.

මෙම කලහකාරී තත්ත්වය සමඟ ඇතැම් ප්‍රදේශ යුද කලාප බවට පත්ව ඇති බව සඳහන්.

එරට රැඳී සිටින විදේශිකයින් උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා කරන්නේ මෙම තත්ත්වය හමුවේ වෙළෙඳසැල් රැසකට ගිනි තබා ඇති බවයි.

ගිනි තැබීම්වලින් බැංකු ශාඛා 20කට පමණ හානි සිදුකර ඇති බව වාර්තා වනවා.

මේ අතර මෙක්සිකානු රජය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ කඩාකප්පල්කාරී ක්‍රියාවලට සම්බන්ධ පුද්ගලයින් 25 දෙනෙකු ආරක්ෂක අංශ විසින් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බවයි.

මෙක්සිකෝවේ නොසන්සුකාරී තත්ත්වයක් පවතින ප්‍රදේශවල ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීමට ඇතැම් ගුවන් සමාගම් පියවර ගෙන තිබෙනවා.

මේ අතර ආරක්‍ෂිත ස්ථානවල රැඳී සිටින ලෙස එරට වෙසෙන අමෙරිකානු ජාතිකයින්ට ඇමෙරිකාව විසින් දැනුම් දීමක් සිදුකර ඇති බව වාර්තා වනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *