Loading...

,

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් පසු ට්‍රම්ප්ගෙන් නව ගෝලීය බද්දක්

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ගෝලීය ආනයන සඳහා 10%ක නව බද්දක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ට්‍රම්ප් මෙම නව බද්ද පනවා ඇත්තේ බදු ප්‍රතිපත්තියට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුවෙන් අනතුරුවයි.

අමෙරිකානු ජනාධිපතිවරයා විසින් ඒක පාර්ශවිකව පැනවූ ගෝලීය වෙළෙඳ තීරු බදු ෆෙඩරල් නීතිය උල්ලංඝනය කිරීමක් බව අදාළ තීන්දුවේ දැක්වෙනවා.

මෙහිදී 6-3ක බහුතරයකින් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු කර ඇත්තේ ජාතික හදිසි අවස්ථා සඳහා වෙන්කර ඇති නීතිය හරහා තීරු බදු පනවා ට්‍රම්ප් ඔහුගේ අධිකාරී බලය ඉක්මවා ගොස් ඇති බවයි.

කෙසේ වෙතත් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු විවේචනය කරමින් ට්‍රම්ප් මෙම නව බද්ද ප්‍රකාශයට පත් කිරීම විශේෂත්වයක්.

එහිදී ඔහු පවසා ඇත්තේ එම තීන්දුව දරුණු බවයි.

තවද ඔහුගේ වෙළෙඳ ප්‍රතිපත්තිය ප්‍රතික්ෂේප කළ විනිසුරුවරුන් මෝඩයන් ලෙසද අර්ථ දක්වා තිබෙනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *