Loading...

ජනතාව තීරණය කළ පසු අපි ගෙදර යන්න සුදානම් – අග්‍රාමාත්‍යවරිය

අග්‍රාමාත්‍ය ධූරයේ වෙනසක් සිදුවිය යුතු බව රටේ ජනතාව තීරණය කළ පසු තමන් ඉවත් වීමට සුදානම් බව අග්‍රාමාත්‍ය, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.

ස්විට්සර්ලන්තයේ ඩාවෝස් නුවර පැවැති 2026 ලෝක ආර්ථික සමුළුවේ වාර්ෂික හමුවට සහභාගීවූ අග්‍රාමාත්‍යවරිය ඊයේ (23) පෙරවරුවේ දිවයිනට පැමිණියා.

ඉන්පසුව පාර්ලිමේන්තු විවාදයට එක්වීම සඳහා ඊයේ (23) පස්වරුවේ පාර්ලිමේන්තුවට පැමිණි අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළා.

“ජනාධිපති අයින් කරගන්න බැරි වුණා. අඩුම තරමේ අගමැති අයින් කරන්න උත්සාහ කළා නේ. කෝ ඉතින්. මං මේ අද උදේ ඇවිල්ලා දුවගෙන ආවේ විශ්වාසභංගයට මුහුණ දෙන්න. මං ඒක එනකම් බලාගෙන ඉන්නේ. ගේන්නේ නැද්ද?. අපරාදේ. අපි ලෑස්තිවෙලා හිටියේ.

විශ්වාසභංග යෝජනාව ඔබතුමාලා ගෙන්න ඕනේ නැහැ. මේ රටේ ජනතාව තීරණය කළාම අගමැති වෙනස් වෙන්න ඕනේ කියලා..අපි ගෙදර යන්නත් සූදානම්. අපි වගකියන්නේ මේ රටේ ජනතාවට. ඒ අනුව අපි වැඩ කරගෙන යන්නම්.”


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *