Loading...

ට්‍රම්ප් යුරෝපයට එරෙහි තීරුබදු සැලසුම රිවර්ස් වෙයි

ග්‍රීන්ලන්තය පවරා ගැනීමේ තම සැලසුම්වලට විරුද්ධ වූ යුරෝපානු රටවලට තීරු බදු පැනවීමේ ක්‍රියාවලිය අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් හකුලාගෙන තිබෙනවා.

ඔහු මේ බව සඳහන් කර ඇත්තේ නේටෝ මහලේකම්වරයා සමඟ පැවති සාකච්ඡාවෙන් පසුව Truth සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින්.

නේටෝ මහලේකම් මාර්ක් රූට් සමඟ පැවැත්වූ රැස්වීම් ඉතා ඵලදායි එකක් වූ බවත් ග්‍රීන්ලන්තය සහ සමස්ථ ආක්ටික් කලාපය සම්බන්ධයෙන් අනාගත සැලසුමක් සකස් කර ඇති බවත්ය.

ග්‍රීන්ලන්තය අමෙරිකාවට පවරා ගැනීමේ සිය අභිලාෂයට විරුද්ධ වූ යුරෝපීය ජාතීන්ට ලබන පෙබරවාරි පළමු වනදා සිට 10%ක නව තීරු බදු පැනවීමක් සිදුකරන බව අමෙරිකානු ජනාධිපතිවරයා මීට පෙර පවසා තිබුණා.

ඒ අනුව අදාළ නව තීරු බදු සැලැස්ම ක්‍රියාත්මක නොවන බවද සිය Truth පණිවිඩයෙන් ඔහු පෙන්වා දෙනවා.

මේ අතර ගෝල්ඩන් ඩෝම් මිසයිල ආරක්ෂක පද්ධතිය පිළිබඳව ද අතිරේක සාකච්ඡා අඛණ්ඩව සිදුවන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *