රජය විසින් රථ වාහන ආනයනය සඳහා අවසර ලබා දෙනවා නම් භාවිතා කරන ලද වාහන ආනයනය කිරීමට ද වැඩි ඉඩක් ලබා දිය යුතු බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.
එම සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ මහතා කියා සිටින්නේ අවසන් වතාවට වාහන ආනයනයේ දී පාවිච්ච් කරන ලද වාහන සඳහා ලබාදුන් වසර 3 සිට වසර 7ක් හෝ ලෙස ඉහළ දමන ලෙසයි.
තවද භාවිත කළ වාහන ආනයනය කළහොත් අලුත් වාහනවලට වඩා අඩු මිලකට ලබාදිය හැකි බවද ඔවුන් අවධාරණය කරනවා.
ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය වැඩිදුරටත් සඳහන් කරන්නේ ඉන් රජය වෙත හිමිවන බදු ආදායමේ වෙනසක් සිදු නොවන බවයි.
තොරතුරු මුලාශ්‍ර – News Center








Leave a Reply