Loading...

ට්‍රම්ප්ගේ අලුත් තීරු බද්දට යුරෝපා නායකයින්ගේ විරෝධය

ග්‍රීන්ලන්තය අත්පත් කර ගැනීමට විරුද්ධව වන මිත්‍ර පාක්ෂික රටවල් 8කට නව තීරු බදු පැනවීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගෙන ඇති තීන්දුව යුරෝපා නායකයින් හෙළා දැක තිබෙනවා.

ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් පවසන්නේ එය පිළිගත නොහැකි තීරණයක් බවයි.

යුරෝපා සැමවිටම ජාත්‍යන්තර නීතිය ආරක්ෂා කිරීමේ දී ඉතා ස්ථිරව සිටින බව මේ සම්බන්ධයෙන් අදහස් දක්වන යුරෝපීය කවුන්සිලයේ සභාපති ඇන්ටෝනියෝ කොස්තා පවසනවා.

එක්සත් රාජධානියේ අගමැති කීර් ස්ටාර්මර් කියා සිටින්නේ මෙම පියවර සම්පුර්ණයෙන් වැරදි සහගත ක්‍රියාවක් බවයි.

ග්‍රීන්ලන්තය අමෙරිකාවට ඈඳා ගැනීමට එරෙහි වූ යුරෝපා රටවල් වන ඩෙන්මාර්ක්, නොර්වේ, ස්වීඩනය, ප්‍රංශය, ජර්මනිය, එක්සත් රාජධානිය, නෙදර්ලන්තය සහ ෆින්ලන්තය යන රටවලින් ආනයනය කරන භානඩ් සඳහා 10%ජ අමතර තීරු බද්දක් ලබන මස 1 වනදා සිට බලාත්මක වන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ (17) සඳහන් කළා.

ඔහු පවසන්නේ එය ජුනි මස සිට 25%ක් දක්වා ඉහළ යා හැකි බවයි.

මේ අතර අමෙරිකානු ජනාධිපතිවරයාගේ මෙම තීරණයට එරෙහිව ඊයේ (17) ග්‍රීන්ලන්තය සහ ඩෙන්මාර්කයේ දැවැන්ත විරෝධතාවක් ද පැවැත්වුණා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *