Loading...

වැලිකන්දේදී පොලිස් අණ නොතකා පලාගිය සැකකරුවන්ට පොලීසියෙන් වෙඩි – එක් පුද්ගලයෙක් ජීවිතක්ෂයට

වැලිකන්දේ දී පොලීසියට තියුණු ආයුධයකින් පහරදීමට පැමිණි පුද්ගලයෙකු පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලීසිය පැවසුවේ අද (12) සවස වැලිකන්ද ප්‍රදේශයේ දී පුද්ගලයින් තිදෙනෙක් සමඟ ධාවනය වූ යතුරුපැදියක් නැවැත්වීමට රථවාහන පොලීසිය විසින් නියෝග කර ඇති බවයි.

මෙහිදී අදාළ යතුරුපැදිය අණ නොතකා ධාවනය කර ඇති අතර පසුව එම යතුරු පැදිකරු නිවසට ගොස් තිබෙනවා.

පොලිස් නිලධාරීන් අදාළ පුද්ගලයාව ලුහුබැඳ නිවසට යෑමේදී පුද්ගලයා මන්නයකින් පොලිස් නිලධාරීන් පහරදීමට උත්සාහ කර ඇති බව වාර්තා වනවා.

එම අවස්ථාවේදී පොලීසිය වෙඩි තැබීමක් සිදුකර තිබෙනවා.

වෙඩි වැදීමෙන් එම පුද්ගලයාගේ පාදයට සහ පපුවට තුවාල සිදුව ඇති අතර රෝහල්ගත කිරීමෙන් පසුව 28 හැවිරිදි යතුරුපැදිකරු ජීවතක්ෂයට පත්ව ඇති බව සඳහන්.

මීට පෙර මොහු මත්ද්‍රව්‍ය චෝදනා 7ක් සම්බන්ධව වරදකරුවෙකු වී ඇති බවත් මේ වන විට තවත් අපරාධ චෝදනා දෙකක් සම්බන්ධව නඩු විභාග වෙමින් පවතින බවත් පොලිස් මුලික විමර්ශනවලදී හෙළිව තිබෙනවා.

යතුරුපැදියේ ගමන් ගත් අනෙක් පුද්ගලයින් සොයා පොලිස් විමර්ශන සිදුකරනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *