Loading...

අයි. එස් ඉලක්කවලට අමෙරිකානු හමුදාවෙන් දැවැන්ත ප්‍රහාරයක්

සිරියාවේ ක්‍රියාත්මක IS ත්‍රස්ත සංවිධානයට අයත් ඉලක්ක කිහිපයක් වෙත අමෙරිකානු හමුදාව විසින් දැවැන්ත ප්‍රහාර මාලාවක් දියත්කර තිබෙනවා.

මාධ්‍ය වෙත ප්‍රකාශයක් සිදු කරමින් අමෙරිකානු හමුදා පවසන්නේ IS සංවිධානය විසින් පසුගිය මසදී සිදුකළ ප්‍රහාරයකින් අමෙරිකානු හමුදා සෙබළු දෙදෙනෙක් සහ අමෙරිකානු සිවිල් පරිවර්තකයෙකු මිය යාමේ සිද්ධියට ප්‍රතිචාර ලෙස මෙම ගුවන් ප්‍රහාර සිදුකර ඇති බවයි.

එම ගුවන් ප්‍රහාර එරට වේලාවෙන් ඊයේ (10) දහවල් 12.30ට පමණ සිදු කර ඇති බව වාර්තා වනවා.

අමෙරිකානු හමුදා සහ හවුල් හමුදා මෙම ප්‍රහාරයට සහභාගී වී තිබෙනවා.

“Operation Hawkeye Strike” ලෙස නම් කළ පළමු ප්‍රතිප්‍රහාරය පසුගිය දෙසැම්බර් 19 වනදා දින අමෙරිකානු එක්සත් ජනපදය සහ ජෝර්දානය එක්ව ක්‍රියාත්මක කර තිබුණා.

ඉන් අනතුරුව අමෙරිකානු හමුදාව IS ඉලක්ක කර ගනිමින් අඛණ්ඩව අතිරේක ගුවන් හා භූමි ප්‍රහාර සිදු කරමින් පවතිනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *