Loading...

ලංකාවේ ආර්ථිකය නැවත ගොඩනගන්න පුළුවන් එජාප සජබ ආණ්ඩුවකින් විතරයි

වර්ථමානයේ පවතින මෙරට ආර්ථිකය නැවත ගොඩනගන ආණ්ඩුව බිහිවන්නේ එක්සත් ජාතික පක්ෂ සහ සමඟි ජන බලවේග එකතුවකින් බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පවසනවා.

එක්සත් ජාතික පක්ෂය සහ සමඟි ජන බලවේගයේ එකතුව සම්බන්ධව මාධ්‍යයට ප්‍රකාශ සිදු කරමින් ඒ මහතා මේ බව සඳහන් කළා.

ඔහු පෙන්වා දෙන්නේ එක්සත් ජාතික පක්ෂය සහ සමඟි ජන බලවේගය ඒකාබද්ධව ක්‍රියා කර රටේ ආර්ථිකය සමාජ ප්‍රශ්න විසඳීම සඳහා ක්‍රියා කරන බවයි.

එක්සත් ජාතික පක්ෂයත් සමඟි ජන බලවේගයත් එකට ක්‍රියා කිරීමට කිසිඳු බාධාවක් නොමැති බවත් එකම මතයක් දරන කණ්ඩායම් පක්ෂ දෙක නියෝජනය කරන නිසා එකතුව ඉදිරියට ගෙන යාමට කිසිඳු බාධාවක් කිසිවිටෙක මතු නොවන බව ස්ථිර බවත් හිටපු අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *