Loading...

ඉන්දියාවේ ඇසෑම් සෙලවෙයි

ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයට සහ ඊසාන දිග ප්‍රදේශ කිහිපයකට අද (05) අලුයම ප්‍රබල භූකම්පනයක් සිදුව තිබෙනවා.

ජාතික භූකම්පන විද්‍යා මධ්‍යස්ථානය සඳහන් කළේ මෙම භූකම්පනය රික්ටර් මාපකයේ 5.1ක ප්‍රබලත්වයක් පෙන්නුම් කළ බවයි.

මෙය අද (05) අලුයම 4.17ට පමණ සිදුව ඇති බව සඳහන්.

මෙහි කේන්ද්‍රය ඇසෑම්හි මොරීගාඕන් දිස්ත්‍රික්කය අසල වාර්තා වී තිබෙනවා.

මධ්‍යම ඇසෑම්හි මොරීගාඕන් සහ ඒ අවට දිස්ත්‍රික්කවලට මෙහි කම්පන දැඩි ලෙස දැනී ඇති බව වාර්තා වනවා.

භූකම්පනයෙන් කිසිඳු ජීවිත හානියක් හෝ දේපළ හානියක් වාර්තා වී නැහැ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඇසෑම් ඇතුළු ඊසාන දිග ඉන්දියාව අයත් වන්නේ රටේ වඩාත්ම සංවේදී භූකම්පන කලාපයට බවයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *