Loading...

ගාලු නගර සභාවේ ඩෙගා නැටූ විපක්ෂයේ මන්ත්‍රීවරුන් 5ක් අත්අඩංගුවට

ගාල්ල මහ නගර සභාවේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් 5 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ගාල්ල මහ නගර සභාවේ විශේෂ මහා සභා රැස්වීමේ දී නොසන්සුන්කාරී ලෙස හැසිරෙමින් නාගරික ලේකම්වරිය ඇතුළු නිලධාරීන් මණ්ඩලයට ජල ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන්.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ ගාල්ල මහ නගර සභාවේ එක්සත් ජාතික පක්ෂ නාගරික මන්ත්‍රීවරුන් දෙදෙනෙක්, පොදුජන එක්සත් පෙරමුණේ නාගරික මන්ත්‍රිවරියක් සහ සමගි ජන බලවේගයේ නාගරික මන්ත්‍රීවරුන් දෙදෙනෙකි.

අත්අඩංගුවට ගත් පිරිසගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසුව අද (31) ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඊයේ (30) දින නගරාධිපතිවරයා සභාව ආරම්භ කිරීමෙන් පසුව සභා ලේකම්වරිය ඇතුළු නිලධාරීන්ට විපක්ෂ මන්ත්‍රීවරුන් විරෝධය පළ කිරීම සමඟ නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති වුණා.

පසුගියදා පැවැති අයවැය සම්මත කිරීමේ ඡන්ද විමසන අවස්ථාවේ ඇති වූ ආරවුලක් මත ලේකම්වරිය ඇතුළු නිලධාරීන් සභා ගර්භයට පැමිණි ක්‍රියා කළ ආකාරය සම්බන්ධව මෙම තත්ත්වය ඇතිව තිබුණා.

නගරාධිපතිවරයා න්‍යායපාත්‍රානුකූලව සභාවේ කටයුතු ක්‍රියාත්මක කරනු ලැබුවා.

ඉන්පසුව එළැඹි කාරක සභා අවස්ථාව නිවේදනය කිරීමත් සමඟ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් ලේකම් මණ්ඩලය රැඳී සිටින පෙදෙසට වතුර බෝතල්වලින් ප්‍රහාර එල්ල කෙරුණා.

තත්ත්වය පාලනය කිරීම අපහසුවීම සමඟ සභාව විනාඩි 30කට කල් තැබීමට නගරාධිපතිවරයා මෙහිදී කටයුතු කළා.

එහිදී විපක්ෂයේ මන්ත්‍රීවරු කෑ ගසමින් නොසන්සුන් ලෙස හැසිරුණා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *