Loading...

ජනපතිගේ සහ අග්‍රාමාත්‍යවරියගේ නත්තල් පණිවිඩය

මෙවර නත්තල ශ්‍රී ලංකාවාසීන් සමරනු ලබන්නේ ජාතියක් ලෙස ඉතා වේදනාකාරී ස්වභාවික ව්‍යසනයකට මුහුණදීමෙන් පසු අධිෂ්ඨානයෙන් නැවත ගොඩනැගෙමින් සිටින තීරණාත්මක අවස්ථාවක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ජනාධිපතිවරයා සිය නත්තල් පණිවුඩය නිකුත් කරමින් සඳහන් කළේ ප්‍රේමය, සාමය, සතුට, බෙදාගැනීම සහ පරිත්‍යාගය නත්තලේ සැබෑ අරුත වන අතර පීඩාවට පත්වූවන්ට සහෝදර හැඟීමෙන් පිහිටවීම මෙන්ම සමස්ත මනුෂ්‍ය වර්ගයාගේ විමුක්තිය උදෙසා කැපවීම ඒ අතර ප්‍රමුඛ වන බවයි.

මේ අතර නත්තල් උදාව වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පවසන්නේ වඩා යහපත් හෙට දවසක් සඳහා එකමුතුව, ආදරයෙන්, සහකම්පනයෙන් වගකීම් සහිතව කටයුතු කිරීමට සියලු දෙනා අධිෂ්ඨාන කරගත යුතු බවයි.

රට යථා තත්ත්වයට පත් කර ගැනීම සඳහා සියලු ජනකොටස් ඒකායන පරමාර්ථයකින් සහ සාමුහික වගකීමෙන් දේශයේ අනාගතය වෙනුවෙන් එකමුතු විය යුතු අවස්ථාවකට එළැඹ ඇති බවද ඇය සිය නිවේදනය මඟින් පෙන්වා දී තිබෙනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *