Loading...

ධම්මිකට ඇප ලැබෙයි – අර්ජුනත් අත්අඩංගුවට ගන්නා බව අල්ලස් කොමිසම අධිකරණයට දැනුම්දෙයි

අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ධම්මික රණතුංග මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (15) නියම කළා.

කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා මෙම නියෝග නිකුත් කරනු ලැබුවේ අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුවයි.

මෙම සිද්ධිය සැකකරුවෙකු වශයෙන් හිටපු ඛනිජ තෙල් අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවද අල්ලස් කොමිසම අධිකරණයට මෙහිදී දන්වා සිටියා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *