Loading...

ආපදාව නිසා වසා දැමුණු පාසල් හෙට නැවත ඇරඹේ

ආපදා තත්ත්වය හේතුවෙන් වසා දැමුණු පාසල් හෙට (16) දිනයේ නැවත ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ පාසල් ආරම්භ කිරීමට අදාළ කටයුතු සුදානම් කිරීම සඳහා විදුහල්පතිවරු, ගුරුවරු සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ පිරිස් අද (15) කැඳවීමට තීරණය කර ඇති බවයි.

ආපදා තත්ත්වය හේතුවෙන් බලපෑමට ලක්වූ පාසල් 147කට හෙට (16) දිනයේ නැවත ආරම්භ කළ නොහැකි තත්ත්වයට පත්ව ඇති බවද එම අමාත්‍යාංශය සඳහන් කරනවා.

තවද ආපදා තත්ත්වයට මුහුණ දුන් ප්‍රදේශවල සිසුන් සහ අධ්‍යයන, අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ නිල ඇඳුම් පිළිබඳව ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවද අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *