Loading...

නාමල්ගෙන් අගමැති හරිනිට ස්තූතිය

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ඊයේ (12) රාත්‍රියේ අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ දෙසැම්බර් මස 18 වනදා පාර්ලිමේන්තුව කැඳවමින්.

අග්‍රාමාත්‍ය හරිනි අමරසුරියගේ ඉල්ලීම පරිදි පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවල 16 ස්ථාවර නියෝග ප්‍රකාරව දෙසැම්බර් 18 වන බ්‍රහස්පතින්දා උදෑසන 9.30ට පාර්ලිමේන්තුව කැඳවන ලෙස එම නිවේදනයේ දැක්වෙනවා.

මේ අතර ආපදාවන්ට ලක්වූ ජනතාවට සහන සැලසීම සඳහා සුදුසු ක්‍රියාමාර්ග ගැනීමට වහා පාර්ලිමේන්තුව කැඳවන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවියගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබුණා.

ඔහු එම ලිපියෙන් ඉල්ලා තිබුණේ ස්ථාවර නියෝග අංක 16 යටතේ අගමැතිනියට ලැබුණු බලතල අනුව මෙම කැඳවීම කරන ලෙසයි.

මේ අතර අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විසින් පාර්ලිමේන්තුව කැඳවීමට ගත් තීරණය පිළිබඳව ස්තුතිවන්ත වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *