Loading...

චාමික කරුණාරත්නට අධිකරණයෙන් ඇප

ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්න ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

තම දරුවාගේ පියා ප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්න බව පවසමින් ගුවන් සේවිකාවක් බව පැවසෙන තරුණියක් විසින් ඉදිරිපත් කළ පුද්ගලික පැමිණිල්ලක් සලකා බැලීමෙන් පසුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා විසින් අද (08) මෙම නියෝගය නිකුත් කළා.

මෙහිදී අධිකරණය නියෝග කළේ චාමික කරුණාරත්නහට රුපියල් ලක්ෂ 10ක පුද්ගලික ඇපයක් මත මුදා හැරීමටයි.

කෙසේ වෙතත් අදාළ තරුණිය ඔහුට එරෙහිව පසුගිය 21 වනදා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් නඩු පවරා තිබුණා.

ඇය එදින අධිකරණය හමුවේ සඳහන් කළේ නඩුවේ දෙවන දිනයටටත් චාමික කරුණාරත්න මහතා අධිකරණයේ පෙනී නොසිටි බවත් ඔහු දිගින් දිගටම අධිකරණය මඟ හරිමින් සිටින බවත්ය.

තම දරුවාට නම ලබාදීම පවා ඔහු ප්‍රතික්ෂේප කිරීම නිසාවෙන් පීතෘත්වය තහවුරු කරන පරීක්ෂණයක් සිදුකිරීම හා දරුවාගේ නඩත්තු ලබා ගැනීම සඳහා මෙම නඩුව ගොනු කළ බවද අධිකරණ පරිශ්‍රයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය පැවසුවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *