Loading...

IMF හයවැනි වාරිකයත් නිදහස් කරයි

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති ණය මුදලේ 6 වැනි වාරිකය ඉතා ඉක්මණින් නිදහස් කිරීමට එකඟතාවය පළ කිරීමට තීරණය කර තිබෙනවා.

මුදල් අමාත්‍යාංශය පවසන්නේ 6 වැනි වාරිකය ලෙස අමෙරිකානු ඩොලර් මිලියන 350ක පමණ මුදලක් සති දෙකක් තුළ මෙරටට ලැබෙනු ඇති බවයි.

මුදල් අමාත්‍යාංශයේ දී ඊයේ (03) කැඳවූ පරිත්‍යාගශීලීන්ගේ සමුළුවේ දී ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙම එකඟතාව පළකර තිබෙනවා.

එම සමුළුවට මෙරට සිටින විදේශ දූත මණ්ඩල, ද්වී සහ බහු පාර්ශවික හවුල්කරුවන් සහ ණය දෙන නියෝජිත ආයතන සහභාගී වී තිබුණා.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල 6 වන වාරිකය නිදහස් කිරීමත් මෙතෙක් ශ්‍රී ලංකාවට ලබාදී ඇති මුදල අමෙරිකානු ඩොලර් බිලියන 2.082ක් දක්වා ඉහළ යනු ඇති.

මෙරටට ලබාදී ඇති අරමුදල් වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ ශ්‍රී ලංකාව ලබාගෙන ඇති ප්‍රගතිය මැන බැලීම සඳහා සිදුකළ 5 වන සමාලෝචනය පිළිබඳව සාකච්ඡා කර අනුමැතිය ලබාදීම සඳහා විධායක කමිටුව ලබන 15 වනදා රැස්වීමට නියමිත තිබුණා.

මෙරට වත්මන් තත්ත්වය පිළිබඳව සමාලෝචනය කිරීමටත් ඉදිරි ගමන් මඟ තීරණය කිරීමටත් දිට්වා සුළි කුණාටුවෙන් පසුව නැවත ගොඩනැගීමේ කටයුතු, මුදා ගැනීමේ මෙහෙයුම් සහ සහන සැපයීම සම්බන්ධීකරණය කිරීමටත් මුදල් අමාත්‍යංශය මෙම පරිත්‍යාගශීලින්ගේ සමුළුව කැඳවනු ලැබුවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *