Loading...

රනිල්ගෙන් හදිසි පක්ෂ නායක රැස්වීමක්

සුළි කුණාටුව හමුවේ ලංකාව මුහුණ පා ඇති අතිශය අයහපත් තත්ත්වය හේතුවෙන් ගත යුතු පියවර සම්බන්ධව සාකච්ඡා කිරීමට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායක රැස්වීමක් කැඳවා තිබෙනවා.

මේ අනුව බදාදා (03) දින කොළඹ මල්පාරේ දේශපාලන කාර්යාලයට සියලු පක්ෂ නායකයින් රැස්වීමට නියමිතයි.

දරුණු ස්වභාවික විපතකදී රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ සාර්ථකව මුහුණ දී ලැබූ අත්දැකීම් අනුව ඉදිරියේ දී ගත යුතු පියවර පක්ෂ නායක රැස්වීමේ දී තීරණය කරන බවද එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පවසනවා.

ඔහු සඳහන් කළේ 2003 සහ 2016 වසරවල ඇති වූ ගංවතුර ව්‍යවසනයේ දී සහ පශ්චාත් ගංවතුර සමයේ දී ගනු ලැබූ පියවර පිළිබඳව මෙම හමුවේ දී රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායකයින් දැනුවත් කිරීමට අපේක්ෂිත බවයි.

මෙම දරුණු ව්‍යසනයෙන් පසුව පාර්ලිමේන්තුවේ සහ ඉන් පිටත සියලුම දේශපාලන පක්ෂ නායකයන් එක් තැනකට කැඳවන්නේ ප්‍රථම අවස්ථාවට බවද ඒ මහතා මෙහිදී වැඩිදුරටත් කියා සිටියා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *