Loading...

ගිය යල කන්නයේ වී ඇස්වැන්න සියයට 11.7කින් ඉහළට

මෙරට වී නිෂ්පාදනය පසුගිය යල කන්නයේ දී වී මෙට්‍රික් ටොන් මිලියන 2.2ක් දක්වා 11.7%කින් වැඩිව තිබෙන බව වාර්තා වනවා.

අයවැය, ආර්ථික සහ මුල්‍ය තත්ත්වය පිළිබඳ නිකුත් වූ නවතම වර්තාවක මේ බව සඳහන්ව තිබෙනවා.

අදාළ වාර්තාවට අනුව මෙම කන්නය තුළ ප්‍රමාණවත් ජල සැපයුමක් පැවැතීම හේතුවෙන් වගා කරනු ලැබූ බිම් ප්‍රමාණය වැඩිවීම නිසා 2024 යල කන්නයට 2025 වර්ෂයේ යල කන්නයේ දී වී නිෂ්පාදනය වැඩිවි ඇති බවයි.

කෙසේ වෙතත් 2024/2025 මහ කන්නයේ වී නිෂ්පාදනය මෙට්‍රික් ටොන් මිලියන 2.62ක් වූ අතර එය 2023/2024 මහ කන්නයේ වී අස්වැන්නට සාපේක්ෂව 3.8%කින් පහතා වැටීමකි.

මෙලෙස වී නිෂ්පාදනය පහත වැටීමට ප්‍රධාන හේතුව තිබුණේ ගංවතුර හේතුවෙන් වී වගාවට හානිවිම, රෝග හා පළිබෝධ ආක්‍රමණ යන හේතුවෙනි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *