Loading...

මාධ්‍ය ඔස්සේ සංසරණය වන වීඩියෝවක් ගැන පොලීසියෙන් නිවේදනයක්

මාධ්‍ය ඔස්සේ සංසරණය වන වීඩියෝ පටයක් පිළිබඳව කරුණු පැහැදිළි කරමින් පොලිස් මුලස්ථානය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඔවුන් නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ විමර්ශන තොරතුරු සමාජ මාධ්‍ය හා වෙනත් මාධ්‍ය නිකුත් කිරීමේ දී සැලකිලිමත් විය යුතු කරුණු සම්බන්ධව දැනුවත් කරමින් පොලිස්පති තුමා විසින් නිකුත් කරන ලද පණිවිඩයක් ගෙනහැර දක්වා යම් යම් වැරදි අදහස් පළකර ඇති බවයි.

පරිපාලනයේ පහසුව සඳහා මෙන්ම හුදෙක් නීති ක්ෂේත්‍රයේ සහ ඉදිරි අධිකරණ ක්‍රියාදාමයන් මෙන්ම විමර්ශන ක්‍රියාවන්ට වන අගතිදායක තත්ත්වය මඟ හරවා ගැනීමේ පරමාර්ථයෙන් මෙසේ නිලධාරීන් දැනුවත් කිරීම් නිරන්තරයෙන් සිදු කරන බවද පොලීසිය පවසනවා.

එම නිවේදනයේ වැඩිදුරටත් පෙන්වා දෙන්නේ තවද මෙය එක් අවස්ථාවක් වන තර එය ශ්‍රී ලංකා පොලීසියේ වෘත්තීමය තත්ත්වය පවත්වාගෙන යාම සඳහා සිදු කරන ලබන සාමාන්‍ය ක්‍රියාවලියක් බවයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *