Loading...

සජිත්ගේ ඉන්දීය ගමන නිසා සජබය ගිනි ගනී

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තම ඉන්දීය නිල සංචාරයට මන්ත්‍රීවරුන් කිසිවෙක් හෝ සහභාගී කර නොගැනීම පිළිබඳව සමඟි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක් දැඩි නොසතුටට පත්ව ඇති බව වාර්තා වනවා.

පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ මේ සම්බන්ධයෙන් ඔවුන් නායකත්වය දැඩි ලෙස විවේචනය කර ඇති බවයි.

විපක්ෂනායකවරයා මෙවැනි නිල හමුවලට යාමේදී අඩු තරමින් ආර්ථිකය සහ විදේශ කටයුතු ඇතුළු විශේෂිත විෂයයන් හි ප්‍රාමාණික දැනුමක් ඇති මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක් හෝ සම්බන්ධ කර ගත්තේ නම් එය ඉතා ඵලදායි වනු ඇති බවද බොහෝ දෙනා මතය වී තිබෙනවා.

සජිත් ප්‍රේමදාස මහතාගේ මෙම නිල සංචාරයට සහභාගී විඅත්තේ ඔහු සහ පක්ෂයේ තවත් නිලධාරියෙක් පමණි.

මෙම ඉන්දීය සංචාරයේ දී විපක්ෂ නායකවරයා ඉන්දියාවේ අග්‍රාමාත්‍යවරයා, විදේශ ඇමති, මුදල් ඇමති ඇතුළු රාජ්‍ය නායකයන් කිහිපදෙනෙක් මුණ ගැසී සාකච්ඡා කර තිබුණා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *