Loading...

2026 අයවැය දෙවන වර කියවීමේ විවාදය අද

2026 අයවැය දෙවන වර කියවීමේ විවාදය අද (08) සිට ආරම්භ වනවා.

පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම නොවැම්බර් 14 වන සිකුරාදා පස්වරු 6ට පැවැත්වීමට නියමිත බවයි.

අයවැය තෙවන වර කියවීම හෙවත් කාරක සභා අවස්ථාවේ විවාදය නොවැම්බර් මස 15 වනදා සිට දින 17ක් දක්වා පැවැත්වෙනවා.

අනතුරුව අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් මස 5 වන දින පස්වරු 6ට සිදු කිරීමට නියමිතයි.

අයවැය කාලසීමාව තුළ රජයේ නිවාඩු දින සහ ඉරිදා දින හැර සෑම දිනකම අයවැය විවාදය පැවැත්වීමට නියමිත බවද පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පවසනවා.

2026 වසර සඳහා අයවැය යෝජනා ඊයේ (07) පස්වරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.

පැය 4කට අධික කාලයක් අයවැය යෝජනා ජනාධිපතිවරයා විසින් මෙහිදී ඉදිරිපත් කිරීම විශේෂත්වයකි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *