Loading...

පතිනායක පරිපාලනයෙන් ගලවයි?

පොලිස් දෙපාර්තමේන්තුවේ පරිපාලන තනතුරේ වෙනසක් සිදුවීමට නියමිත බව වාර්තා වනවා.

පොලිස්පතිවරයාට පමණක් දෙවැනි වන පොලිස් පරිපාලන ධූරයේ මේ වන විට මධ්‍යම පළත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා කටයුතු කරනු ලබනවා.

පොලිස් අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ පසුගිය කාල සීමාවේ ඇති වූ යම් යම් අර්බුදකාරී තත්ත්වයන් හේතුවෙන් ඔහු එම තනතුරෙන් ඉවත් කිරීමට නියමිත බවයි.

මේ අනුව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතා මීළඟ පොලිස් පරිපාලන ධූරය සන්ධ පත් කෙරෙනු ඇති බව සඳහන්.

ඔහුගෙන් හිස්වන බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධුරය සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතා පත් කිරීමට නියමිතව තිබෙනවා.

ජාතික පොලිස් කොමිසන් සභාවේ අනුමැතිය ඇතිව මෙම ස්ථාන මාරු කිරීම සිදු කිරීමට සැලසුම් කර ඇති බව සඳහන්.

පොලිස් අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන්නේ මීට අදාළ නිවේදනය අද (01) දිනයේ දී පොලිස්පතිවරයා විසින් නිකුත් කිරීමට නියමිත බවයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *