Loading...

මත්ද්‍රව්‍ය මෙහෙයුමට ගුවන් හමුදාවෙන් යානා 3ක්

මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන එන මත්ද්‍රව්‍ය හා නීති විරෝධී දේ පිළිබඳව නිරීක්ෂණය කිරීමට ගුවන් හමුදාව විසින් විශේෂ ගුවන් යානා 3ක් යොදවා ඇති බව ගුවන් හමුදාපති එයාර් මාෂල් වාසුබන්ධු එදිරිසිංහ මහතා පවසනවා.

පසුගියදා මල්වතු සහ අස්ගිරි පාර්ශවයේ මහනායක හිමිවරුන් බැහැදැකීමට පැමිණි අවස්ථාවේ දී ඔහු මේ බව සඳහන් කළා.

ගුවන් හමුදාපතිවරයා මෙහිදී කියා සිටියේ ඇතැම් දිනවල මෙම ගුවන් යානා මුහුදු සැතපුම් 1000කට අධික දුරක් පියාසර කරමින් මෙම නිරීක්ෂණ කටයුතුවල නිරත වන බවයි.

මත්ද්‍රව්‍ය වැඩි ප්‍රමාණයක් රටට ගෙන ඒම සිදුවන්නේ ඉරානය පාකිස්ථානය වැඩි දිශාවන්වලින් බවත් එම දිශාවන්හි ආණ්ඩු පාලනයක් නොමැති බවත් ඔහු මහනායක හිමිවරුන් හමුවේ වැඩිදුරටත් පැවසුවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *