Loading...

ඇමසන් cloud බිඳවැටීමෙන් ලොව පුරා අන්තර්ජාල සේවා රැසක් බිඳ වැටෙයි

ඇමසන් වෙබ් සේවාවල හදිසි බිඳ වැටීමක් හේතුවෙන් ලොව විශාලතම වෙබ් අඩවි සහ යෙදවුම් බොහොමයක් අක්‍රිය වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මේ හේතුවෙන් ඇමසන් cloud සේවා ලබන Amazon Prime, Perplexity, Fortnite, Alexa, Snapchat ඇතුළු යෙදවුම් රැසක් අක්‍රීය වී ඇති බවයි.

මෙම හදිසි බිඳ වැටීම හේතුවෙන් ගණුදෙනුකරුවන්ට ද බලපෑම් එල්ල වී ඇති බවද සඳහන්.

ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේ මෙම තත්ත්වය ලොව ප්‍රධාන පෙළේ බැංකු සේවා වන ලොයිඩ් සහ හෙලිෆැක්ස් යන බැංකු සේවා ද බලපෑමට ලක්වී ඇති බවයි.

මේ අනුව මෙහි බලපෑමට ලක්වූ ආයතන ගණන 500කට අධික වන අතර එම සේවා නැවත යථාවත් කරමින් පවතින බවට ඇමසන් ආයතනය සඳහන් කර තිබෙනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *