Loading...

ජී රාජපක්ෂගේ නිවසට ඉදිරියේ දී වෙන දේ

කතරගම මැණික් ගඟ අසබඩ පිහිටි ප්‍රශ්න ගත ජී. රාජපක්ෂග නිවසේ නිරීක්ෂණ චාරිකාවක් සඳහා ඉඩම් සහ වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය අරවින්ද සෙනරත් විතාරණ මහතා ගොස් තිබෙනවා.

අදාළ ප්‍රශ්න ගත නිවසේ විදුලි බිල් පවා ජී. රාජපක්ෂ නැමැත්තෙකුගේ නමට තිබුණ ද ඊට අයිතිවාසිකම් කීමට කිසිඳු පුද්ගලයෙකු ඉදිරිපත් නොවීම මත එම නිවස වාරිමාර්ග දෙපාර්තමේන්තුවට පැවරීමට වත්මන් රජය තීරණය කළා.

එම නිවසේ නිරීක්ෂණ චාරිකාවට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ වාරි මාර්ගයට අයත් රක්ෂිත භූමියක මෙම නිවස ඉදිකර ඇති බවයි.

කිසිඳු අවසරයකින් තොරව එම නිවස ඉදිකර ඇති බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවා.

ඔහු එහිදී පෙන්වා දුන්නේ එම නිවස ඉදි කරද්දී ගමේ ග්‍රාම නිලධාරිවරයා ඊට විරුද්ධ වී ඇති නමුත් බලය අවභාවිත කරමින් අදාළ ඉදිකිරිම කර ඇති බවයි.

අනාගතයේ දී මෙම ඉදි කිරීම ඵලදායි කටයුත්තක් සඳහා යොදා ගන්නා බවද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *