Loading...

තවත් දුම්රියක් පීලීපනී

දුම්රිය පීලීපැනීමක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවන කටයුතුවලට බාධා එල්ල වී තිබෙනවා.

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ කොළඹ කොටුව සිට අවිස්සාවේල්ල බලා ධාවනය වූ දුම්රියක්, කොස්ගම හා අවිස්සාවේල්ල දුම්රිය ස්ථාන අතර අද (19) ප.ව. 6.45ට මෙලෙස පීලිපැනීමට ලක්ව ඇති බවයි.

දැනට පවතින අධික වර්ෂාවත් සමඟ දුම්රිය මාර්ගයට ගසක් කඩා වැටී හා පස් කණ්ඩියක් ද කඩා වැටී එම දුම්රියේ එක් රෝදයක් පමණක් පීලී පැනීමකට ලක්ව ඇති වාර්තා වනවා.

මේ හේතුවෙන් කැළණිවැලි මාර්ගයේ දුම්රිය ගමනාගමනය කොස්ගම දක්වා පමණක් සීමා කිරීමට කටයුතු ඇති බව සඳහන්.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *