Loading...

චීනයට එරෙහිව පැනවූ බද්ද ගැන ට්‍රම්ප්ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

චීනයෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා තමන් යෝජනා කළ 100% තීරු බදු ස්ථිර බද්දක් නොවන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ වෙළඳ සාකච්ඡාවල නවතම අර්බුදයට හේතුව චීනය සිය දුර්ලභ පාංශු අපනයන පාලනය දැඩි කිරීම බව ඔහු චෝදනා කරන බවයි.

මෙතරම් ඉහළ තීරු බදු ප්‍රමාණයක් ආර්ථිකයට බලපාන අයුරු සහ එය තිරසාර ද යන්න සම්බන්ධව විමසූ අවස්ථාවේ දී ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ “එය තිරසාර නෑ, නමුත් අංකය එයයි” යනුවෙනි.

මෙම ක්‍රියාමාර්ගය ගැනීමට චීනය තමාට බල කළ බවද සිකුරාදා විකාශය වූ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු කියා සිටියා.

ට්‍රම්ප් මීට සතියකට පෙර චීනයේ එක්සත් ජනපදයට යන අපනයන සඳහා 100% අමතර බදු ප්‍රමාණයක් එළිදැක්වූවා.

දැනට පවතින තීරු බදු සහන කල් ඉකුත් වීමට දින 9කට පෙර එනම් නොවැම්බර් 1 වනදා සිට “ඕනෑම සහ සියලුම තීරණාත්මක මෘදුකාංග” සඳහා නව අපනයන පාලනයක් ද ඔහු නිවේදනය කළා.

මෙම නව වෙළෙඳ පියවර ගනු ලැබුවේ චීනය සිය දුර්ලභ පාංශු මුලද්‍රව්‍ය අපනයන පාලනය පුළුල් කිරීමට ප්‍රතිචාර ලෙස තාක්ෂණික නිෂ්පාදනයට අත්‍යවශ්‍ය වන එවැනි මුලද්‍රව්‍ය වෙළෙඳපොලේ ප්‍රධාන තැනක් චීනය ගනු ලබනවා.

කෙසේ වෙතත් ට්‍රම්ප් තහවුරු කළේ ඔහු සති දෙකකින් දකුණු කොරියාවේ දී චීන ජනාධිපති ෂී ජින්පින්ග් හමුවීමට නියමිත බවයි.

“මට හිතෙනවා අපි චීනයත් එක්ක හොඳින් ඉඳියි, නමුත් අපට සාධාරණ ගනුදෙනුවක් අවශ්‍යයි. එය සාධාරණ විය යුතුයි” බව ට්‍රම්ප් බ්‍රහස්පතින්දා පටිගත කර සිකුරාදා විකාශය කළ වැඩසටහනකදී පවසා සිටියා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *