Loading...

සජිත් සහ රනිල් නිල වශයෙන් නැවත එක්වෙයි?

සමඟි ජන බලවේගයේ නායකත්වයෙන් සහ මෙහෙයවීමෙන් එක්සත් ජාතික පක්ෂය සමඟ පොදු වැඩපිළිවෙළකට දේශපාලන වශයෙන් ප්‍රවේශ වීමට තීරණය කළ බව සමඟි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ සමඟි ජන බලවේගය අද (09) පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

මීට පෙර පැවැති කළමනාකරණ කමිටු රැස්වීම් දෙකකදී මේ සම්බන්ධව ඒකමතිකව තීන්දු කළ බවද විපක්ෂ නායකවරයා මෙහිදී කියා සිටියා.

රටටත් ජනතාවටත් බලපාන කරුණු කාරණා ගැන සහ ප්‍රශ්නවලට විසඳුම් ලබාදීමට ප්‍රායෝගික හා ජනතාවාදී ප්‍රතිපත්තිමය එකඟතාවයන් මත පක්ෂ දෙකේ අනන්‍යතාව පවත්වා ගනිමින් ඉදිරියට කටයුතු කරන බවද විපක්ෂ නායකවරයා මෙහිදී පැවසුවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *