Loading...

ලියුම් පෙට්ටියකින් ජීව උණ්ඩ මතුවෙයි

විශ්‍රාමික පොලිස් පරීක්ෂකවරයෙකුට අයත් මත්තේගොඩ කලාකරු නිවාස සංකීර්ණයේ වසා දමා තිබූ නිවසක තැපැල් පෙට්ටියක සඟවා තිබියදී ටී 56 වර්ගයේ ගිනි අවි සඳහා භාවිත කරන ජීව උණ්ඩ 48ක් සහ මිලිමීටර් 9 වර්ගයේ ගිනි අවි සඳහා භාවිත කරන උණ්ඩ 6ක් සොයාගෙන තිබෙනවා.

ඔහු සිය නිවසේ ලියුම් පෙට්ටිය පරික්ෂා කිරීමට පැමිණි අවස්ථාවේ දී ඊට අලුතින් ඉබි යතුරු දමා අඟුළු ලා තිබූ බවට නිරීක්ෂණය වී ඇති අතර ඉන් අනතුරුව තවත් තරුණයෙක් සමඟ එක්ව ඔහු එම අඟුළු බිඳ ලියුම් පෙට්ටිය විවෘත කර තිබූ බව සඳහන්.

එම අවස්ථාවේදී අදාළ ජීව උණ්ඩ තොගය හමුවී ඇති බවයි වාර්තා වන්නේ.

මේ වන විට අදාළ ජීව උණ්ඩ මෙම ස්ථානයට රැගෙන ආ පුද්ගලයා සොයා පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *