Loading...

ජපානය සහ අමෙරිකාව බලය පෙන්වීමට යයි

ජපාන අගමැතිවරයා ෆුමියෝ කිෂීඩා මේ දිනවල අමෙරිකාවේ සංචාරයක නිරත වනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ එහිදී ඔහු අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් හමුවී ඇති බවයි.

මෙම හමුවේදී හමුදා හා ආර්ථික සබඳතා ශක්තිමත් කිරීම සම්බන්ධව වැඩි අවධානයක් යොමුව තිබෙනවා.

තවද ඉන්දු පැසිෆික් සාගර කලාපයේ චීනයේ මැදිහත්වීම පිළිබඳව දෙරටේ රාජ්‍ය නායකයින් අතර සාකච්ඡාවකට බඳුන්වී ඇති බවද සඳහන්.

ඒ අනුව චීනයේ ක්‍රියාකලාපය මධ්‍යයේ ඉන්දු පැසිෆික් කලාපයේ අත්‍යාවශ්‍ය හවුල්කාරිත්වය ශක්තිමත් කරන බව හා කැපවීම තවදුරටත් වැඩි කිරීමට දෙපාර්ශවයේ නායකයින් එකඟ වී ඇති බවයි වාර්තා වන්නේ.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *