Loading...

සම්පත් මනම්පේරිව දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ දී මත්ද්‍රව්‍ය සොයාගත් නිවසේ සිටියදී රෝහල් ගත කිරීමෙන් පසුව ජිවිතක්ෂයට පත්වූ පුද්ගලයාගේ පුත්‍රයෙකු රඳවාගෙන තබා ප්‍රශ්න කිරීමට අධිකරණය පොලීසියට අවසර ලබාදී තිබෙනවා.

ඒ 16 හැවිරිදි එම පුත්‍රයා අද (26) දින තංගල්ල මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසුවයි.

මේ අනුව සැකකරු ලබන මස 1 වනදා දක්වා රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට පොලීසියට අවසර ලබාදී තිබෙනවා.

මෙම සිද්ධිය පිළිබඳව මියගිය පුද්ගලයාගේ පුතුන් දෙදෙනා අදාළ නිවසේ තිබී සොයාගත් මත්ද්‍රව්‍ය සහිත ලොරිවල හිමිකරුවන් ඇතුළු සැකකරුවන් 6 දෙනෙක් මීට පෙර පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

ඒ අනුව ඉන් එක් පුත්‍රයෙකු සහ ලොරි රථවල හිමිකරුවන් පසුගිය 24 වනදා අධිකරණයට ඉදිරිපත් කළා.

මෙහිදී එම පිරිස ලබන 29 වනදා දක්වා රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය විසින් පොලීසියට අවසර ලබාදී තිබුණා.

මේ අතර සම්පත් මනම්පේරි දින 90ක කාලයක් රැඳවුම් භාරයේ ප්‍රශ්න කිරීමට වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා සිය කොට්ඨාසයට අවසර ලබාදී තිබෙනවා.

ඒ සම්බන්ධව බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඊයේ (26) දැනුම් දෙනු ලැබුවා.

මිද්දෙණිය ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය නිපදවීමට යොදාගන්නා බවට සැකකෙරෙන රසායනික ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් දෙකක් සඟවා තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහු මේ වනවිට රක්ෂිත බන්ධනාගරගතව සිටිනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *