Loading...

අදත් මිලිමීටර් 100ට වැඩි වැසි තත්ත්වයක්

දිවයිනේ නිරතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි පැය 24 තුළදීත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඔවුන් අද (26) නිකුත් කළ නවතම කාලගුණ අනාවැකියේ මේ බව සඳහන්ව තිබෙනවා.

මේ අනුව බස්නාහිර, සබරගමුව, සහ දකුණු පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වනු ඇති.

සබරගමුව, බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100ට වැඩි තද වාසි ඇති විය හැකියි.

ඊට අමතරව උතුරු මැද පළාතෙත් මාතලේ, මන්නාරම සහ යාපනය දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර ඇති වනවා.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් මධ්‍යම, උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වල ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (40-50)ක පමණ තද සුළං ඇතිවිය හැකියි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *