Loading...

,

කඩවත – මීරිගම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු සැප්තැම්බර් 17 ආරම්භ කරයි

ආර්ථික අර්බුදය හේතුවෙන් 2022 වසරේ මැද භාගයේ සිට අත්හිටුවා තිබූ මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා වූ කොටසේ ඉදිකිරීම් කටයුතු සැප්තැම්බර් 17 වන දින නිල වශයෙන් නැවත ආරම්භ කිරීමට නියමිතයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම කටයුතු ආරම්භ කෙරෙනු ඇති.

මෙහිදී කඩවත හුවමාරු මධ්‍යස්ථාන සහ අධිවේගී මාර්ගයේ පළමු මීටර් 500ක කොටසෙහි ඉදිකිරීම් ද ආරම්භ කිරීමට නියමිතයි.

මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් බිලියන 8.6ක මුදලක් රජය විසින් වෙන්කර තිබෙනවා.

ප්‍රවාහන හා මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන පැවසුවේ මෙම ව්‍යාපෘතිය නැවත ආරම්භ කිරීම සඳහා චීන අපනයන – ආනයන බැංකුවෙන් (Export-Import Bank of China) අමෙරිකානු ඩොලර් මිලියන 500ක ණය මුදලක් ලබාගෙන ඇති බවයි.

තවද කඩවත සිට මීරිගම දක්වා දිවෙන කිලෝමීටර් 37ක දුරකින් යුතු මෙම මාර්ග කොටස 2028 වසරේ මැද භාගය වන විට සම්පුර්ණ කිරීමට නියමිත බවද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *